දේශීය

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

අදාළ පිරිස අද (ජූනි 20) මෙරටට පැමිණියහ.

එම පිරිස සතියක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත ය.

එම කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා වන 17 වන වැඩසටහන කුමක් ද? යන්න පිළිබඳව මෑතකාලීනව සිදු කළ සාකච්ඡා දිගට ම කරගෙන යනු ඇති බව IMF ඊයේ (ජූනි 19) ප්‍රකාශ කළේ ය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළි ත් තහවුරු කරමු,” ඔවුහු ප්‍රකාශ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රජය මීට ප්‍රකාශ කර තිබිණි.

Related posts

එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර

Mohamed Dilsad

බැංකු වලින් ණය පොළී අනුපාත වැඩි කළ ඇත්තම හේතුව හෙළිවේ

Mohamed Dilsad

මාලදිවයිනේ රැඳී සිටි 178 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment