දේශීයව්‍යාපාරික

බිත්තරයක් 40ට නගී

(UTV | කොළඹ) – අධික ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මාළු, මස්, බිත්තර මිල ගණන්ද තවදුරටත් ඉහළ යෑමේ තත්වයක් උද්ගතව ඇත.

ඉදිරි දිනවලදී බිත්තරයක මිල රුපියල් 38 ක් හෝ 40 ක් දක්වාවත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක සඳහන් කරයි.

“අද වෙද්දී කුකුළු ආහාර මිල සේම ඉන්ධන මිලත් වැඩිවීම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම විතරක් රුපියල් 31 ක් දක්වා වැඩිවී තිබෙනවා. කුකුළු ආහාර මිල ගණන් වැඩිවීම නිසා කුඩා පරිමාණ කුකුළු ව්‍යාපාරිකයන් රැසක් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්නේ. රුපියල් 65 කට 70 කට අලෙවි කෙරුණු කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් සමග එය තවත් වැඩිවේවි. ගොවියාට මේ ව්‍යාපාරයේ රැඳී ඉන්න නම් අඩුම වශයෙන් බිත්තරයක් රුපියල් 38 කට හෝ 40 කට වත් අලෙවි කරන්න සිදුවෙනවා.“ යැයි සභාපතිවරයා පවසයි.

Related posts

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

Mohamed Dilsad

තැපැල් ඡන්දය ලබන 26දා තැපෑලට

Editor O

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment