දේශීය

‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්න කිසිදු තීරණයක් නෑ’

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන ලබා දීම පිළිබඳව සමාජයේ වැරදි මතයක් පල වී තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එයින් අසාධාරණයක් වී තිබෙන බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ හෝ මීට පෙර කිසිම අවස්ථාවක වෙළඳ පොලේ මිලට අඩු මුදලකට තෙල් මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා නැතැයි ද ඉදිරියටත් එවැනි තීරණයක් ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

Editor O

Leave a Comment