දේශීය

විශේෂ පක්ෂ නායක රැස්වීම යළි කැඳවයි

(UTV | කොළඹ) – අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම රැස්වීම අද සවස 3ට පැවැත්වීම තීරණය කළ බව කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

රට තුළ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සහ අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පක්ෂනායක රැස්වීමක් සිදුනොකරන බවට මීට පෙර කථානායකවරයා විසින් නිවේදනය කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.

Editor O

පළාගොස් සැඟව සිටි හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අධිකරණයට බාර වෙයි.

Editor O

ලේල්ලවත්තේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment