ක්‍රීඩා

මෙවර IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම වනිඳුට

(UTV | මුම්බායි) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 67කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත්විය.

එම තරගයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 5ක් දවාගත්තේය. ඒ අනුව මෙවර IPL තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබේ.

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු යවන්නා ලෙසද වනිඳු හසරංග මෙලෙස වාර්තා අතරට එක්වී ඇත. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගය ඊයේ මුම්බායි හි පිහිටි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත් වුණි

තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 192ක් ලබාගත්තේය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 193ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19ටයි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 125ක් පමණි.

Related posts

විරාත් කෝලිට ICCයෙන් සම්මාන දෙකක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු නායකයාට ටෙස්ට් තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment