දේශීය

“අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්”

(UTV | කොළඹ) – රජය ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා වල ප්‍රගතිය ද ඉදිරිපත් කළ යුතුව තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කර තිබියදී මාර්ග සිතියම ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

“රටේ ඩොලර් හිඟයක් තිබෙනවා කියා දැන් රටේ ඉඩම් විකුණන්න යනවා. ආණ්ඩුවේ සිතියම මේකද?අද මේ ආණ්ඩුවට කිසිම සිතියමක් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා අස්විය යුතු බව කියනවා. තවත් පිරිසක් අගමැති අස්විය අස්විය යුතු බව කියනවා. ආණ්ඩුවේ මාර්ග සිතියම මේකද? අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්.යනුවෙන්ද සජිත් පේමදාස මහතා කීය.

Related posts

භූමදානයට අගමැති ගත් තීරණය කාලෝචිතයි [VIDEO]

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment