දේශීය

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

(UTV | කොළඹ) – විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (21) මෙරට චීන තානාපතිවරයා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ උද්ගතවෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීන රජය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන් ම චීන රජයේ සෘජු සහයෝගය, චීන රතු කුරුස සංවිධානයේ සහය ඇතුළු ලබා දිය හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට චීන රජය බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, සහල් මෙට්‍රික් ටොන් 5,000ක්, ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ලබා දීමට චීනය සහතික වී ඇත.

අදාළ සහල් තොගයට මීට පෙර එකඟ වූ සහල් මෙට්‍රික් ටොන් 2,000ට ද ඇතුළත් වන අතර එහි වටිනාකම එරට මුදලින් මිලියන 200ක් පමණ වෙයි.

එමෙන් ම, යුනාන් පළාත ශ්‍රී ලංකාවට එරට මුදලින් මිලියන 1.5ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බවට ද නිවේදනය කර තිබේ.

විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගි වී ඇත.

Related posts

සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

Mohamed Dilsad

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Mohamed Dilsad

Leave a Comment