දේශීය

“සහරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා”

(UTV | කොළඹ) – යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙක් ලෙස වැඩ කර ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.

මොවුන්ට විරුද්ධව වසරක් තිස්සේ කිසිම බී වාර්තාවක් ඉදිරිපත් නොකර සිට පසුව ඔවුන් නිදහස් කරන ලෙස හිටපු නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණු බව ද රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනහොත් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සියලු ඇත්ත හෙළිදරව් කරගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා තවදුරටත් කීය.

Related posts

පාකිස්තානයේ සිරවී සිටි පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

අල්ලස් නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු දෙදෙනා නිදහස්

Mohamed Dilsad

රූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයි

Editor O

Leave a Comment