දේශීය

“ජනතාවට සේවය කිරීම ප්‍රධාන යුතුකම බව දේශපාලකයින් සහ නිලධාරීන් මතක තබා ගත යුතුයි” – රිෂාඩ්

(UTV | කොළඹ) –  අපගේ ප්‍රධාන යුතුකම ජනතාවට සේවය කිරීම බව සෑම දේශපාලනඥයෙක්ම නිලධාරියෙක්ම මතක තබාගත යුතු බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“තමන්ගේ අනාගතය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් මිය ගිය තරුණයාට සහ බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අයට මම මගේ බලවත් සංවේගය සහ ශෝකය ප්‍රකාශ කරමි.

පොලිසියේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අපි තරයේ හෙළා දකිමු. මේවා නැවැත්විය යුතුයි. ඒ වගේම සිද්ධියට සම්බන්ධ සියලුම බලධාරීන් වගකිව යුතුයි.

එසේ නම් උද්ඝෝෂණය මැඬලීමට යෙදවූවා යැයි කියන අවම බලයෙන් ජීවිතයක් බේරුණේ නම් උපරිම බලය යෙදවූයේ නම් කුමක් සිදුවේද?

එබැවින් මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලන බලවේග ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා ඊට සම්බන්ධ සියලු දෙනාට නිසි දඬුවම් ලබාදිය යුතු බව මම ඉල්ලා සිටිමි.

මාධ්‍ය අංශය-

Related posts

2021 සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 3296 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කින්නියා, කුරිඤ්ඤංකේනි හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment