විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ඉන්දියාවට

(UTV |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිල සංචාරයක් සඳහා මෙම සතියේදී ඉන්දියාවට පැමිණෙනවා.

කොවිඩ් තත්වය ඇතුලු කරුණූ කිහිපයක් හමුවේ මෙම සංචාරය වසර 02 කට ආසන්න කාලයක සිට ප්‍රමාද කෙරුණා.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

අගමැති ධුරයට පත්වීමෙන් පසු බොරිස් ජොන්සන් ඉන්දීය සංචාරයකට එක්වන පළමු අවස්ථාවද මෙයයි.

යුක්රේනයට එරෙහි සටන් හමුවේ රුසියාව කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ඉන්දියාවේ පිළිවෙත වෙනස් කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම සංචාරයේදී කටයුතු කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Related posts

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

Mohamed Dilsad

ශෂිකලා වසර 4 කට සිරගෙට යයි

Mohamed Dilsad

අන්තර්ජාලයෙන් ලිංගික ජාවාරමක නිරත වූ අයෙක් වසර 40 බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment