දේශීය

මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම මියයයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාවය දී එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේත් එම ස්ථානයේ ගීත ගායනා කරමින් සිට ඇත.

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

ඊයේ රාත්‍රියේ ඇඳහැලුණු අධික වර්ෂාව නොතකමින් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් රැය පහන් කර තිබුණි.

Related posts

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරාවි – හිටපු ඇමති නිමල් සිරිපාල

Editor O

සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment