දේශීය

මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම මියයයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාවය දී එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේත් එම ස්ථානයේ ගීත ගායනා කරමින් සිට ඇත.

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

ඊයේ රාත්‍රියේ ඇඳහැලුණු අධික වර්ෂාව නොතකමින් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි අතර ඔවුන් රැය පහන් කර තිබුණි.

Related posts

මිළඟ අගවිනිසුරු ධුරය ට, ප්‍රීති පද්මන් සූරසේන ..!

Editor O

අඩුමිලට අරක්කු හඳුන්වා දීමේ සුරාබදු කොමසාරිස්ගේ තීරණයට විරෝධයක්

Editor O

කොරෝනා එන්නතෙහි අතුරු ආබාධ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Mohamed Dilsad

Leave a Comment