Trending News

උතුරු මැද ඇමති ලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දෙයි

(උදයම්,අනුරාධපුරය )  – උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, වෙළඳ, ආහාර, සමූපකාර හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුසිල් ගුණරත්න මහතා දිවුරුම් දෙයි.

ඔහු අද උදෑසන පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේ දිවුරුම් දුන් බව අප වාර්තාකරු සඳහන් කළේය.

සුසිල් ගුණරත්න මහතාද  උතුරුමැද පළාත් සභාවේ මහඇමතිවරයා ඉවත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ලබාදුන් දිව්රුම් පෙත්සමට අත්සන් කර තිබේ.

මෙම පෙත්සමට උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් තබා තිබුණි.

වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බැවින් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට එම ධුරය ලබාදෙන ලෙසට  ඔවුන් විසින් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

Related posts

Tense situation in Teldeniya: Police use tear gas to disperse crowd in Digana

Mohamed Dilsad

Traffic along New Kelani Bridge restricted from today

Mohamed Dilsad

Ranatunga says crude oil prices will come down

Mohamed Dilsad

Leave a Comment