දේශීය

ලංකාවේ ආයෝජන නංවන්න ගෝඨා-මහින්ද-බැසිල් ප්‍රධානත්වයෙන් කමිටුවක්

(UTV | කොළඹ) – ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපති, අගමැති, බැසිල් රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

මෙම කමිටුව හරහා බදු විනිමය, රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි ඇති විය හැකි බලපෑම, මහජන අරමුදල් යෙදවීම, නෛතික බැඳීම්, පරිසර ගැටලු, ඉඩම් භාවිතය හා අයිතිය, බැංකු හා මූල්‍ය කරුණු, ආයෝජකයකු විසින් ලංකාව තුළ සිදුකිරීමට යෝජිත ආයෝජන ඇතුළු කරුණු පිළිබඳව එහිදී තීරණ ගනු ඇත.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ඩී.වී. චානක, නාලක ගොඩහේවා යන අය මෙම කමිටුවට පත්කර තිබේ.

Related posts

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකින්ම කොවිඩ් මරණ

Mohamed Dilsad

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්

Editor O

Leave a Comment