දේශීය

ලංකාවේ ආයෝජන නංවන්න ගෝඨා-මහින්ද-බැසිල් ප්‍රධානත්වයෙන් කමිටුවක්

(UTV | කොළඹ) – ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපති, අගමැති, බැසිල් රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.

මෙම කමිටුව හරහා බදු විනිමය, රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි ඇති විය හැකි බලපෑම, මහජන අරමුදල් යෙදවීම, නෛතික බැඳීම්, පරිසර ගැටලු, ඉඩම් භාවිතය හා අයිතිය, බැංකු හා මූල්‍ය කරුණු, ආයෝජකයකු විසින් ලංකාව තුළ සිදුකිරීමට යෝජිත ආයෝජන ඇතුළු කරුණු පිළිබඳව එහිදී තීරණ ගනු ඇත.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ඩී.වී. චානක, නාලක ගොඩහේවා යන අය මෙම කමිටුවට පත්කර තිබේ.

Related posts

රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment