විදෙස්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාට ඔබාමාට කොවිඩ්

(UTV | කොළඹ) – තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබේ.

තමන්ට උගුර කැසීමක් පමණක් පැවති අතර වෙනත් බරපතළ රෝග ලක්ෂණ නොමැති බවත් ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඔබාමාට වෛරසය ආසාදනය වී නොමැති බව ඔහු සඳහන් කරයි.

තමන් සහ බිරිඳ කොවිඩ් එන්නත් මෙන්ම බූස්ටර් එන්නත් ද ගත් බවත්, වහා එම එන්නත් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

Mohamed Dilsad

ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

Mohamed Dilsad

Leave a Comment