දේශීය

සහන නොලැබුණහොත් බස් ගාස්තු 30%කින් ඉහළට

(UTV | කොළඹ) – CEYPETCO ද ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව ඩීසල් සහනයක් ඉල්ලා ප්‍රවාහන අමාත්‍යාංශයට අද ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

මිල සංශෝධනයක් සිදු වුවහොත් අවම ප්‍රවාහන ගාස්තුව රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බවද පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ අනෙකුත් බස් ගාස්තු සියයට 30 කින් ඉහළ යන බවයි.

මෙවැනි මිල ඉහළ යාමක් වළක්වා ගැනීමට නම් රජය ප්‍රවාහන ක්ෂේත්‍රයට ඩීසල් සහනයක් ලබාදිය යුතු බව ඔහු පැවසීය.

Related posts

නිවැරදි තීන්දු තීරණ ගතහැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කරමින් පවතිනවා

Mohamed Dilsad

යාපනය, මහනුවර සහ රත්නපුර එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇපමත නිදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment