දේශීය

පාන් මිල රු. 100 ඉක්මවන ලකුණු

(UTV | කොළඹ) – පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි.

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100කම් පනිනවා අනිවාර්යෙන්ම. පාන්ගෙඩිය රුපියල් 100න් ඉහළ යනවා. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති. මේ තියෙන බඩු ගණන් අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අන්වාර්යෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන් වෙනවා. 100 අඩුවෙන් විකුණවානම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියකක් නෙමෙයි.”

පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේවන විට වසා දමා ඇති බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට ඉංජිනේරු සේනාංකයක්

Mohamed Dilsad

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment