දේශීය

නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනී

(UTV | කොළඹ) – දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්තියා මියගිය බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පවසයි.

දියවඩන නිලමේ පැවසුවේ අද (07) පෙරවරුවේ දී හස්ති රාජයා මියගිය බවයි.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

Related posts

ජපානයට සුනාමියක්…

Editor O

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ – අනුර කුමාර

Mohamed Dilsad

Leave a Comment