දේශීය

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

(UTV | කොළඹ) – තවත් ඩීසල් නෞකා 02 ක් අද දිනයේදී මෙරටට ළගාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඉන් එක් නැවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් අන්තර්ගතයි.

අනෙක් නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

එම නෞකා මෙරටට ළඟා වන්නේ සිංගප්පුරුවේ සිටයි.

මේ අතර, ඩොලර් මිලියන 30 ක් වටිනා ණයවර ලිපි විවෘත කළ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400 කින් යුත් නෞකාවක ඉන්ධන ගොඩබෑම අද සිදු කර හෙට සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට ද මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

Related posts

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

පිටකොටුව ලංගම බස්නැවතුම්පොළ වසා දමයි

Editor O

කාන්තාවන් 2687ක් සුරාබදු දෙපාර්තමේන්තුවට කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment