දේශීය

”බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් අවශ්‍ය නැහැ ”

(UTV | කොළඹ) – මෙරට තුළ බූස්ටර් එන්නත හෙවත් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ නොමැතිව මෙන් ම උත්සව ආදිය පැවැත්වීමට රට පූර්ණ වශයෙන් ම විවෘත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

උත්සව සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර ඉල්ලමින් විවිධ ඉල්ලීම් ලැබෙන බව හෙතෙම සඳහන් කළේ ය.

ගෙන්වපු එන්නත් සියල්ල මහජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රතිශක්තිය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් එම ඉල්ලීම් සලකා බලමින් සෞඛ්‍ය නීති රීති ලිහිල් කිරීමට හැකියාවක් පවතින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Related posts

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් කීපදෙනෙක් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment