දේශීය

පිළිකාකාරක බෝතල් තහනම් කරනවා – පරිසර ඇමති කියයි

(UTV | කොළඹ) – පිළිකාකාරක අඩංගු බෝතල් තිබෙන බවට කරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒවා තහනම් කිරීමටත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ ඊයේ (17දා) අඟුණකොළපැලැස්සේදී සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදීය.

“මම දැනටමත් අපේ අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා මේ පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කරන්න කියලා. අපි සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධවෙලා අපේ රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා. පිළිකාකාරක අඩංගු බෝතල් තිබෙන බවට කරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒවා තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. මෙය අවාසනාවන්ත තත්ත්වයක්. බොහෝ දේවල් ආනයනය කළ ඒවා තමයි අපේ රටේ පාවිච්චි වෙන්නේ.

ඒ වාගේම ප්ලාස්ටික්වලින් නිශ්පාදිත භාණ්ඩ කොහොමත් පරිසරයට අහිතකරයි. මේ පිළිබඳවත් මම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂාවක් කර ඉදිරියේදී ඒවා තහනම් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන්න කියලා.

පරීක්ෂණ ප්‍රතිඵල ලැබූ විගස ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා මේ සියල්ල නතර කර අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ගවලට රජය විදියටත් පරිසර අමාත්‍යංශය විදියටත් අපි අවශ්‍ය පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය පියවර අපි ඉදිරියේදී ගන්නවා” යැයිද කීවේය.

Related posts

මහමැතිවරණයට ප්‍රචාරක සීමා පැනවේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් : බෙදාහැරීම ඇරඹේ

Editor O

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

Editor O

Leave a Comment