දේශීය

ජනපති හදිසියේ තවත් රාජ්‍ය ආයතනයකට යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ අද (18) තවත් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය සඳහා ගියේය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වූ බවය.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය සහ සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමුවී තොරතුරු විමසාබැලීම ජනාධිපතිවරයාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ.

එමෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායකකරගැනීමට ඇති හැකියාව සොයා බැලීම මෙහිදී සිදු වූ බව වාර්තා විය.

අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ සොයාබැලීම මෙම චාරිකාවේ තවත් අරමුණකි.

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Editor O

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment