විදෙස්

අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයි

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගං වතුර හා නාය යාම් හේතුවෙන් 94 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

රියෝද ජැනයිරෝ නගරයට උතුරින් කඳුකරයේ පිහිටි ඇති මෙම නගරයේ ගංවතුර හා නායයෑම්වලින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, මෝටර් රථ ජලයේ ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ එහි නගරාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ගලවා ගැනීමේ කණ්ඩායම් මඩ යට සිර වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එලෙස සිර ව සිටි 24 දෙනෙකු බේරා ගනු ලැබුවා.

මේ වනවිට රුසියාවේ නිල සංචාරයක නිරත බ්‍රසීල ජනාධිපතිවරයා කියා සිටියේ, විපතට පත්වූවන් සඳහා කඩිනම් ආධාර සංවිධාන කරන බවයි.

Related posts

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

Mohamed Dilsad

කෙන්යාවට එන්නත් හිඟයක්

Mohamed Dilsad

ඉන්දියාවේ ගවපොර නතර කිරීමට එරෙහිව විරෝධතා

Mohamed Dilsad

Leave a Comment