දේශීය

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව මෙන්න

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධික කාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා.

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද පිටියක් කරමින් ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්වුණා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කර ගැනීමට හැකිවූයේ පුද්ගල මරණ 8ක් සම්බන්ධයෙන් පමණයි.

ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු ගොනු කෙරුණේ පුද්ගල මරණ 8ක් සම්බන්ධයෙන්.

2012 වසරේ නොවැම්බර් මස 9 වනදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.

පසුගිය හයවනදා මෙම නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබුණත් එය අද (12) දිනය දක්වා කල් දැමීමටයි ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

නඩුව එදින කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශයට පත් කිරීම මෙලෙස කල් තබන බවයි.

Related posts

ඔනේෂ් ඝාතනය සැලසුම් කළ හෙදිය ගැන අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

Mohamed Dilsad

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment