දේශීය

ටික්ටොක් ඝාතන සිද්ධියට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ටික්ටොක් වීඩියෝවක් හේතුවෙන් ඇතිකරගත් ආරවුලක් මත තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම සැකකරුවන් 6 දෙනා ඊයේ (ජන. 4) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14ත් 16ත් අතර වයස්වල පසු වන බව පොලිසිය පැවසීය.

ඔවුන් අද (ජන. 5) දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඊයේ (ජන. 3) දහවල් 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබිණි.

පොලිසිය සඳහන් කළේ, ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී අදාළ තරුණයාට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කර ඇති බව ය.

තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් තිබුණේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිතුරන් දෙදෙනෙකු සමග අදාළ තරුණයා මාදම්පිටිය මාර්ගයෙන් හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යන විට ඔවුන් පසු පස පැමිණි තවත් පිරිසක් සමග ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

Related posts

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජවිපෙ පක්ෂ අරමුදලට ගත් වැටුප ආපසු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නඩු පවරයි…!

Editor O

ආරවුල මරණයෙන් කෙළවර වෙයි

Mohamed Dilsad

Leave a Comment