Trending News

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි මූලික පහසුකම් නොමැති පාසලක්

(UTV | කොළඹ) – “එළුවන්කුලම” යනු මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය අතර පැවති බිහිසුණු යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයකි.

දේශපාලකයන්ද අගනුවරට බොහෝ ඈතින් පිහිටි මෙවැනි ප්‍රදේශ කෙරෙහි අවධානයක් යොමු කරන්නේ අල්ප වශයෙනි.

දුෂ්කර සහ අවම පහසුකම් යටතේ ජීවත්වන එහි ජනතාව, ආර්ථික අර්බුදයෙන්ද පීඩාවට ලක්ව ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩු ආදායම්ලාභීන් වේ.

නගරයෙන් බොහෝ දුරින් පිහිටි මෙම ප්‍රදේශයේ ඇති එකම පාසල එළුවන්කුලම විද්‍යාලයයි.

එහි සිසුන් 200 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 20 ක් පමණ ඔවුන්ගේ සේවය සපයයි.

පාසල තුල පන්තිකාමර අඩු වීම ,විධිමත් පුස්තකාලයක්, විද්‍යාගාරයක් නොමැතිකම මෙන්ම ක්‍රීඩා උපකරණ, ක්‍රීඩා පිටි ද හොඳ තත්ත්වයේ නොමැත.

තවද නිතර ගැවසෙන වන අලි නිසා පාසලට හානි සිදුවී තිබීම ඇතුළු සැලකිය යුතු ගැටලු පාසලට ඇත.

දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් නොමැති වීම තවත් ප්‍රධාන ගැටලුවක් වන අතර, ඒ හේතුවෙන් ගුරුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

කෙසේ වෙතත් දෙමාපියන් සහ ගුරුවරුන් විශාල කැප කිරීමක් කර පාසල පවත්වාගෙන යයි, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගත හැකි පරිදි පාසල සංවර්ධනය කරදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

STF security provided to the AG and his department

Mohamed Dilsad

கொழும்பின் சில பகுதிகளில் மேற்கொள்ளப்பட்ட சுற்றிவளைப்புக்களில் மூவர் ஹெரோயினுடன் கைது

Mohamed Dilsad

François Fillon, French Presidential Candidate, Is Charged With Embezzlement

Mohamed Dilsad

Leave a Comment