ගොසිප්

පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ..

(UTV | කොළඹ) – ගෑස් ආශ‍්‍රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගෑස් පුපරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදු වනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප බවත් ඒ මහතා පැවසීය.

ඉතාමත්ම පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්දව බවක් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම තත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

Related posts

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

ෆේස්බුක් සිය නිල නාමය වෙනස් කරයි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ රට ගිය හේතුව නාමල් හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment