විදෙස්

ඔමික්‍රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්

(UTV |  ඔස්ට්‍රේයාව) – ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ට්‍රේයාවට විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකා මහද්වීපයේ රටවල් 09 ක සිට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේයාවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

එම රටවල සිට පැමිණෙන ඔස්ට්‍රේයානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිය හැකි නමුත් ඔවුන් වහාම දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි.

අදාළ රටවල් 09 සිට පැමිණෙන සිසුන්ට මෙන්ම නිපුණතා ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේයාවට පැමිණිය හැකි නමුත් ඔවුන්ද දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින ගතවූ දින 14 තුළදී අදාළ රටවල් 09 සිට පැමිණි පුද්ගලයන් වෙතොත් ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත රටවල් 09 සමග සිදු කෙරෙන ගුවන් ගමන් වහා නතර කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

Related posts

බීජිං නුවර යළිත් කොරෝනා පොකුරක් මතුවීමෙන් පාසලුත් වසා දැමෙයි

Mohamed Dilsad

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

Mohamed Dilsad

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

Mohamed Dilsad

Leave a Comment