විදෙස්

ඔමික්‍රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්

(UTV |  ඔස්ට්‍රේයාව) – ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ට්‍රේයාවට විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකා මහද්වීපයේ රටවල් 09 ක සිට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේයාවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

එම රටවල සිට පැමිණෙන ඔස්ට්‍රේයානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිය හැකි නමුත් ඔවුන් වහාම දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි.

අදාළ රටවල් 09 සිට පැමිණෙන සිසුන්ට මෙන්ම නිපුණතා ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේයාවට පැමිණිය හැකි නමුත් ඔවුන්ද දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින ගතවූ දින 14 තුළදී අදාළ රටවල් 09 සිට පැමිණි පුද්ගලයන් වෙතොත් ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත රටවල් 09 සමග සිදු කෙරෙන ගුවන් ගමන් වහා නතර කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

Related posts

‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශ

Mohamed Dilsad

කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයි

Mohamed Dilsad

ගාසා ගැන තීරණාත්මක ඡන්දයක්

Mohamed Dilsad

Leave a Comment