දේශීය

නාවිකයින්ට හා ධීවරයින්ට නැවත දැනුම්දෙන තුරු මුහුදු ගමන් තහනම්

(UTV | කොළඹ) – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) සවස රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මෙහි බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමග පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

Mohamed Dilsad

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

Mohamed Dilsad

ගිං සහ නිල්වලා ගැන තවමත් අවධානමේ

Mohamed Dilsad

Leave a Comment