දේශීය

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අද දිනයේ අවස්ථාව වෙන් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40ක් සඳහා අද අවස්ථාව ලබාදී ඇති අතර වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

ශ්‍රීලනිපයට අඩු සැලකිලිද?

Mohamed Dilsad

Leave a Comment