දේශීය

දිස්ත්‍රික් 08 කට නායයාමේ අවදානම්

(UTV | කොළඹ) – පවතින ධාරාණිපාත වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික් 08 කට නායයාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කලේ බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇගවීම නිකුත් කල බවයි.

එය අද පස්වරු 06 දක්වා බලාත්මක වනු ඇති.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල කඳුකර හා බෑවුම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

Related posts

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

රථවාහන වේගය මනින්න පොලීසියට ස්පීඩ් ගන්

Editor O

Leave a Comment