දේශීය

ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින්ට තහනම්

(UTV | කොළඹ) – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින් සඳහා තහනම් කර තිබෙනවා.

ඒ, පසුගිය දා එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා එම ඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟයි.

පසුගිය කාලය තුළදී පමණක් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම කරුණු සැලකිල්ලට ගනිමිනුයි වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පසු ඇල්ලවල දිය ඇල්ල යළිත් සංචාරකයින් සඳහා විවෘත කරන බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක සඳහන් කළේ.

Related posts

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

පොලිස්පතිගේ සේවා දිගුව ගැන ජනපතිගෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment