දේශීය

New Fortress ගනුදෙනුවට එරෙහිව ජවිපෙ අධිකරණය හමුවට

(UTV | කොළඹ) – කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති හා වසන්ත සමරසිංහ යන මහත්වරුන් අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

එහි උත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මන්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, වෙස්ට්කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ලක්දනවි සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ඇතුළු 43 දෙනෙකු නම්කර තිබේ.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන වැන්ඩාමුස් රිට් ආඥාවක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment