දේශීය

මෙරටට සාපයක් බලපාලා තියෙනවා – හෙක්ටර් අප්පුහාමි

(UTV | කොළඹ) – රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමින් ගැසට් ගැසූ ආණ්ඩුව නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූයේ කෙසේදැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා.

පොහොර ගැටලු දික්ගස්සමින් ජනතාව රැවටීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව කියා සිටියා.

මෙරටට සාපයක් බලපා ඇති බව තමන්ට පෙනී යන බවත් එම සාපය වෙන කිසිවක් නොව පාස්කු ඉරිදා දිනයේදී අහිංසක ජීවිත ගණනාවක් ජීවිතක්ෂයට පත්කරවීමේ සිද්ධිව බවයි හෙක්ටර් අප්පුහාමි මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග

Editor O

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

Mohamed Dilsad

පිටකොටුවේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment