දේශීය

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

(UTV | කොළඹ) – ප්‍රථම වරට මෙරට අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන සියලු ළමුන්ගේ දත්ත ඇතුලත් කරමින් ජාතික දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ ජාතික ළමා රක්ෂක අධිකාරියේ මූලිකත්වයෙන්.

ඒ අනුව පොලීසිය, ග්‍රාමනිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසකට ඍජුවම එම දත්ත පද්ධතියට තොරතුරු උඩුගත කළ හැකියි.

ඒ අනුව ඊට අදාළ පියවර ගැනීම ඍජුවම සිදුවනු ඇති.

සාමාන්‍යයෙන් දිනකට ළමා අපයෝජනය, කෘරත්වය සහ අනාරක්ෂිත අවදානම් තත්වයන් සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 35ක් පමණ ලැබෙන අතර වසරේ පළමු මාස 09 කාලය තුල ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7,221 ක්.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව කළුතර, ගම්පහ, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ද ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සහ ගැටලුකාරී තත්වයන් ජාතික ළමා රක්ෂක අධිකාරියේ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකියි.

Related posts

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment