දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද දිවයිනට

(UTV | කොළඹ) – නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ගුවන් මගින් රැගෙන එන මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර වී වගාව ඇතුලු තවත් වගා රැසකට යොදා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් ගෙන්වීමට ඊයේ තීරණය වුණා.

මේ අනුවයි පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් මෙරටට ගෙන ඒමට නියමිතව ඇත්තේ.

Related posts

තෙල් අර්බුදය කළමනාකරණයට යෝජනාවලියක්

Mohamed Dilsad

තැපැල් සේවකයින් සියලු අතිකාල සේවාවලින් ඉවත් වෙයි.

Mohamed Dilsad

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment