දේශීය

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

(UTV | කොළඹ) – රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර හේතුවෙන් ඇති වන පිළිකා සහ වකුගඩු රෝග වලට පිළියම් යෙදීම සඳහා ලංකාවේ ගොවීන් කාබනික ගොවිතැනට යොමුවී ඇති අතර ඔවුන් දේශීය ඖෂධ පැළෑටි වලින් නිපදවන කෘමිනාශක සහ ස්වාභාවික ද්‍රව්‍ය වලින් නිපදවන කොම්පොස්ට් පොහොර පමණක් වගාවන් සඳහා භාවිතා කරයි.

ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික පළිබෝධනාශක සහ පොහොර හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග වල වැඩි වීමක් ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති අතර දිනෙන් දින ඉහළ යන පිළිකා සහ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහල් ස්ථාපිත කරමින් පවතියි.

ශ්‍රී ලංකාවේ කාබනික ආහාර සඳහා ඇති ඉල්ලුම ඉහළයත්ම, ගොවීන් රටේ අගනගරයේ අතහැර දමා තිබූ වගාබිම් කාබනික ගොවිපලවල් බවට පත් කර තිබේ.

තම වගාබිම් වල තිරසාර පැවැත්මක් සහතික කිරීම සහා කාබනික ආහාර සඳහා ඇති ඉල්ලුම සපුරාලීම සදහා ස්වභාවික පොහොර සහ අනෙකුත් කාබනික ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු සිය අභියෝග ජය ගැනීමට උපකාර වන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

තම වගාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සඳහා සැපයුම් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ගොවීන් ඉල්ලා සිටි අතර කාබනික ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ස්වාභාවික පොහොර නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන එන ලෙසද ඉල්ලා සිටියි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

විජේරාම නිල නිවසට, මහින්ද සමුදීම ගැන, නාමල් තැබූ සටහන

Editor O

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment