දේශීය

“ඥානසාර හිමිට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන්න” – ACMC [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය දිනවල විකාශය වූ පෞද්ගලික නාලිකාවේ විකාශය වූ රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂය විසින් පොලිස් මුලස්ථානයට අද(27) දිනයදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු අල්ලාහ් දෙවියන් බව පවසා අපහාස කරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීමත් ඉදිරියේදී එල්ලවිය හැකි තවත් අන්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු තමන් සන්තකයේ ඇති බවත් ඒ හිමියන් පවසා තිබුණි.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තමන් කරුණු සහිතව ජනාධිති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බවත් ඒ හිමියන් පවසා තිබුණි.

Related posts

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති

Editor O

ජනාධිපති අපේක්ෂක විවාදයේ දෙවෙනි වටය අද (08) සවස

Editor O

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment