විදෙස්

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

(UTV | කොළඹ) – වයස්ගත පුද්ගලයින් සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර දී තිබේ .

ඒ අනුව, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදෙනු ඇති.

ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට අවසර හිමිව තිබේ.

දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතුයි.

මේ වනවිට අමෙරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය ද ක්‍රියාත්මක වේ.

Related posts

ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

Mohamed Dilsad

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

මොහොමඩ් නෂිඩ් මාලදිවයින් කථානායක ධුරයට.

Mohamed Dilsad

Leave a Comment