දේශීය

පිටරට සිට එන අයට භාණ්ඩ රැගෙන ඒමට ආනයන සීමා බාධාවක් නොවෙයි

(UTV | කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම සිදු කර ඇත්තේ ආනයනකරුවන් සඳහා පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ් අනුව තමන් ආපසු මෙරටට පැමණීමේදී වෙනදා මෙන් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග මෙන්ම රූපවාහිනී යන්ත්‍ර, වැනි උපකරණ පෞද්ගලික පරිහරනය සඳහා රැගෙන යාමට මෙම සීමා ගැටලුවක් නොමැති බවයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

Related posts

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

Leave a Comment