දේශීය

ළමයින්ට කොරෝනා එන්නත් : තීරණය අද

(UTV | කොළඹ) – එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීම කේන්ද්‍ර කර ගනිමින් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර, කඩිනමින් පාසල් විවෘත කිරීමේ අවශ්‍යතාව පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කරුණු සලකා බලා ළමයින් සදහා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඇය සදහන් කළේ.

Related posts

තවත් ඖෂධ මගඩියක්?

Mohamed Dilsad

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

Editor O

Leave a Comment