දේශීය

ජනතාවට ඇඟලුම් නිෂ්පාදනත් සතොස හරහා

(UTV | කොළඹ) – තමන්ගේ මව් රට විසින් ලෝකයේ වෙනත් රටවලටත් යට ඇඳුම් නිෂ්පාදනය කර කීර්තියක් අත් කරගෙන තියෙන රටක් ලෙස ආඩම්බර විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

යට ඇඳුම් අවශ්‍යතාවයක් තියෙන ඕනෑම අයෙක් සිටීනම් පවතින මිලටත් වඩා අඩුවෙන් සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම සියලුම ඇඟලුම් නිෂ්පාදන පවතින මිලටත් වඩා අඩුවෙන් ලබාගත හැකි වන පරිදි, නාරාහේන්පිට රජ වාසල තුළ විශාල සල්පිලක් පැවැත්වීමට අදහස් කරන බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

Mohamed Dilsad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment