දේශීය

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

(UTV | කොළඹ) -රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ඇති බව, වාර්තා වෙනවා.

ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග අනාවරණය කළේ.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් යළි පත් කෙරෙන්නේ එම තනතුරේ පවතින බලතල ඉහළ නංවමින් බවට ද වාර්තා පළ වුණා.

ඒ අනුව, නව මහ බැංකු අධිපති ධුරය සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල හිමිවන බව ද සඳහන්.

කෙසේ වෙතත්, අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කරන නියෝජිතයා කවුරුන්දැයි මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වෙලා නැහැ.

මේ අතර, තමන් ලබන අගහරුවාදා සිය ධුයෙන් ඉවත් වෙන බව දැනට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණා.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

රනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැ

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment