දේශීය

අගමැති ඉතාලිය බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබේ.

අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 649 දරන ගුවන් යානයෙන් මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය.

G20 අන්තර් ආගමික හා සංස්කෘතික ඉතාලි සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

Related posts

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයි

Mohamed Dilsad

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment