දේශීයව්‍යාපාරික

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත.

මෙම වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව එහි සඳහන් වේ.

එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව සඳහන් කර සිටී.

Related posts

ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30% ඇමෙරිකානු තීරු බද්ද අගෝස්තු 01දා සිට ක්‍රියාත්මකයි..?

Editor O

අගමැතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

ව්‍යාජ පුවතක් පිළිබඳව කම්කරු කොමසාරිස්ගෙන් ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment