දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

(UTV | කොළඹ) –  තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවය.

ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

මේ අතර එන්නත් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අද (03) දිනයේ කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බවය.

Related posts

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

ඉහළ පොලිස් නිළධාරීන් 14 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

උතුරු කොරියාවේ සහය රුසියාවට

Editor O

Leave a Comment