දේශීය

ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න – තීරණය හෙට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.

එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.

Related posts

නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගන්න යයි

Mohamed Dilsad

චීන පොහොර සමාගමට ගෙවීම් සිදු කරන ලකුණු

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

Leave a Comment