දේශීය

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 718ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 718ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 13ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 61006ක්.

මේ අතර ඊයේ දිනය තුල බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13කදී පුද්ගලයන් 2082ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක්වූ වාහන සංඛ්‍යාව 1258ක්.

Related posts

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

Mohamed Dilsad

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment