දේශීය

කොළඹ නගරයේ ව්‍යාප්ත වන්නේ සියයට සියයක් ම ඩෙල්ටා ප්‍රභේදයයි

(UTV | කොළඹ) –  මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ගේ ගණන 292 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවතම දත්ත වාර්තා සඳහන් කරන්නේ, මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් සිදුවන බවයි.

එමෙන්ම කොළඹ නගරය තුළ සියයට සියයකින් පැතිර යන්නේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශය සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇල්ෆා ප්‍රභේදය අභිබවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බව මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

මහාචාර්ය නිීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දරගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම සිදුකළ මෙම පරීක්ෂණය මගින් වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අලුතින් පැතිර යන්නේ සුපර් ඩෙල්ටා ප්‍රභේදයක් විය හැකි බවයි.

ජයවර්ධනපුර සරසවියට ලද සාම්පල පරීක්ෂා කිරීමේ දී නව ඩෙල්ටා ආසාදිතයින් 292 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

Related posts

සුරා බදු ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

Editor O

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment