දේශීය

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස අගරදගුරු” අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය සොයා පෙළගැසෙමු යන මැයෙන් අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“එක දේශපාලන පක්ෂයක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින් පත්කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නෑ. මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුළින් සත්‍ය එළියට එයි කියලා අපිට කිසිසේත් විශ්වාස කරන්නට බෑ. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවක් පත්කරන්න අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් වියයුතුයි.”

Related posts

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

රුසියාවෙන් දරුණු මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

Leave a Comment