දේශීය

මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය “යවම්-ඊ-ඉස්ටෙහ්සාල්” දිනය පවත්වයි

(UTV | කොළඹ) – 2019 අගෝස්තු 5 වන දින ජම්මු සහ කාශ්මීරයේ ඉන්දියාවේ නීති විරෝධී හා ඒකපාර්ශවීය ක්‍රියාවන් සිහිකිරීම නිමිත්තෙන් පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය විසින් “යාවම්-ඊ-ඉස්තාහ්සාල්” දිනය අද පවත්වන ලදි.

දෙවන ලේකම් (දේශපාලනය) අයේෂා අබු බකර් ෆහාඩ් මහත්මිය පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතාගේ මෙම දිනය පිළිබඳ පණිවිඩය කියවූ අතර මාධ්‍ය සම්බන්ධීකාරක කල්සුම් කයිසර් මහත්මිය අගමැතිවරයාගේ පණිවිඩය කියවීය.

මෙහි අදහස් දක්වමින් වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පැවසුවේ ” පකිස්ථානය සෑම විටම කාශ්මීර ජනතාවට ගෞරව කරන බවත් ස්වයං නිර්ණය අයිතිය උදෙසා කාශ්මීර වැසින්ගේ සාධාරණ අරගලය සහ අධිෂ්ඨානය අගය කරන බවත්ය.

පාකිස්තානය සිය දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් ඉන්දියාව නීති විරෝධී ලෙස වාඩිලාගෙන සිටින ජම්මු සහ කාශ්මීරයේ ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළිදරව් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම දිගටම කරගෙන යනු ඇත. පාකිස්තානය සැම විටම කාශ්මීරයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන් පකිස්ථානු ජාතිකයින් ලෙස සලකනු ඇත.අපේ කාශ්මීර සහෝදරයින්ට ස්වයං නිර්ණය අයිතිය උදෙසා සැම විටම සහයෝගය දැක්වීම පාකිස්ථාන අපේ ජාතික යෝජනාවයි.

මෙම උත්සවය අමතමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ශිරාස් යූනුස් මහතා සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශක ආචාර්ය අසේලා වික්‍රමසිංහ මහතා, අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා වලට අනුකූලව ඉන්දීය නීති විරෝධී ලෙස වාඩිලාගෙන සිටින ජම්මු සහ කාශ්මීර ආරවුලට විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළෝය.මෙම අවස්ථාවට බුද්ධිමතුන්, කොළඹ ජීවත් වන පකිස්ථානු ප්‍රජාව, මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන කාශ්මීර ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 43 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment